හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන බවට සඳහන් කළද ඊට අවශ්‍ය අනුමැතිය ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසීය.
“රාජ්‍ය සේවකයන්ගේ වැටු වැඩි කරන්න තීරණයක් ගත්තා කියලා රනිල් වික්‍රමසිංහ කිව්වට අපි ඒ කැබිනට් පත්‍රිකාව බලනකොට ඒකට භාණ්ඩාගාරයෙන්වත්, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන්වත් අනුමැතිය අරගෙන නෙවෙයි ඒ තීරණය අරන් තියෙන්නේ. තීරණය ප්‍රකාශ කළා. නමුත් තීරණය ක්‍රියාත්මක කරන්න ඕන කොටස කරලා නෙවෙයි ඒ තීරණය අරන් තියෙන්නේ. ඒක ඉතාමත්ම පැහැදිලිව ජනතාව නොමග යවන්න මැතිවරණ කාලයක් තුළ දුන්න බොරු පොරොන්දුවක්.”