පිරිසිදු ජලය ඉල්ලා උද්ඝොෂණය කළ රතුපස්වල ප්රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කොට තවත් 45 දෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බි්රගේඩියර්වරයකුට සහ හමුදා සෙබ|ළුන් තිදෙනෙකුට එරෙහිව විශේෂ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පවරා ඇති නඩුවේ තීන්දුව අද (30) ප්රකාශයට පත් කෙරේ.
මීට වසර 11කට පෙර රතුපස්වල ප්රදේශයේදී පිරිසිදු ජලය ඉල්ලා උද්ඝොෂණය කළ රතුපස්වල ප්රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කොට තවත් 45 දෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් නීතීපතිවරයා විසින් පවරා ඇති නඩුව දීර්ඝ වශයෙන් විභාග කිරීමෙන් අනතුරුව එහි තීන්දුව ප්රකාශයට පත් කිරීම සඳහා මෙලෙස දින නියම කර ඇත.