විද්‍යුත් නාලිකාවක රැකියාව කරන නිලධාරිනියකගේ රත්මලාන ගාමිණී පටුමග දෙමහල් නිවසකින් රුපියල් ලක්ෂ 20 කට ආසන්න රන් භාණ්ඩ සොරාගත් " රත්මලානේ බුරියා" නැමැත්තා දින පහක් වැනි කෙටි කාලයක් තුළදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
සැකකරු සොරාගෙන තිබු දේපල අතර පවුම් 11 - 1/2 ක් බර තැල්ලක් සහිත මාලයක් , වළලු දෙකක් හා මුදුවක් පොලිස් බාරයට ගෙන ඇත.
ඉකුත් මස 24 වෙනිදින නිලධාරිනිය සහ ඇයගේ සැමියා රැකියාව සඳහා පිටව ගොස් සිටි අවස්ථාවේදී වැඩිමල් පුතු නිවසේ නිදාගෙන සිටි ඇති අතර පොඩි පුතු නිවසේ ඉදිරිපස දොර වසා දමා යතුර නිවස ඉදිරිපිට තබා තිබෙන සපත්තු රඳවනය තුළ සඟවා ක්‍රීඩා කටයුතු සඳහා නිවසින් පිටව ගිය අතර වාරයේදී නිවස ඉදිරිපිටට පැමිණ තිබූ සැකකරු සඟවා තිබූ යතුර දැක එය රැගෙන ඉදිරිපස දොර විවෘත කරගෙන නිවස තුළට ගොස් අල්මාරිය තුල තිබූ රන්බාන්ඩ තොගය සොරාගෙන පිටව ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරු නිවස ඉදිරිපිටට පැමිණ නිවස තුළට ඇතුල්වෙන අයුරු ඉදිරිපිට නිවසක සවිකර තිබූ සීසීටීවී කැමරාවක පටිගත ව පොලිසියට හමුවීමෙන් අනතුරුව සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මීට පෙර සොරකම් රැසකට සම්බන්ධ සැකකරු ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී සොරා ගත් රන් මුදුවක් රත්මලාන ප්‍රදේශයේ පෞද්ගලික උකස් මධ්‍යස්ථානයකට රුපියල් 90000/= උගස්කර තිබියදී සොයා ගැනීමට සමත් වී ඇත.
සෙසු භාණ්ඩ සැකකරුගේ නිවසේ සඟවා තිබියදී සැකකරුගේ ප්‍රකාශ මත සොයාගෙන ඇත. 50 හැවිරිදි සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.