රත්නපුර හිටපු නගරාධිපති ටිරෝන් අත්තනායක මහතා සතු රිවෝල්වරය පුද්ගලයෙකු විසින් සොරාගෙන ගොස් ඇති බවට පැමිණිල්ලන් ලැබි ඇතයි රත්නපුර පොලිසිය පවසයි'
10 වන දින රාත්රි 7.00ට පමණ තමාගේ නිවසට පැමිණි නාඳුනන පුද්ගලයෙකු රුපියල් දහසක් ඉල්ලා ඇති බවත් තමා යම්කිසි වැඩක යෙදි ඇති බැවින් ටික වේලාවකින් පන්සල අසලට පැමිණි විට මුදල් දෙන බව පැවසු බවත් පසුව ෙමම පුද්ගලයා පිටව ගොස් ඇත.
දෙවන වරටත් මෙම පුද්ගලයා පැමිණ මුදල් දෙන තෙක් මිදුලේ බංකුවක වාඩිවි සිටඇත.
නගරාධිපති ටිරෝන් අත්තනායක මහතාගේ මිදුලේ නවතා තිබු කැබ් රථයේ 38 වර්ගයේ රිවෝල්වරය තිබු බවත් තමා නිවස ඇතුලේ සිට පිටතට පැමිණි විට මුදල් ඉල්ලා පැමිණි අය නොසිටි බවත් කැබ් රථයේ දොර විවෘත කර බැලුවිට තමාගේ රිවෝල්වරය නොමැති බවද පැමිණිල්ලේ සඳහන් කර ඇති බව පොලිසිය පවසයි.
2021 වසරේ තමාට 38 වර්ගයේ රිවෝල්වරය ලැබුණ බවත් එය රුපියල් 48,000ක් පමණ වටිනාකමක් ඇති බවද පැමිණිල්ලේ සඳහන් වි ඇත.
ඒ.ජි.වික්රමසිංහ