ගිරාදුරු කෝට්ටේ උල් හිටිය රත් කිඳ ජලාශයේ ජල මට්ටම අද 18 දහ අට රාත්රියේ රඳවා ගත යුතු ප්රමාණයට වඩා ඉහළ යන පසුබිමක තවදුරටත් තද වර්ෂාව ලැබෙමින් පවතින බැවින් එහි වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බැවින් රත්කිඳකෝසුව හරහා ගමන් ගන්නා රථ වාහන එහි සවිකර ඇති සයිරනය පිළිබඳව අවධානයෙන් පසු විය යුතු බව ජලාශ භාර ඉංජිනේරුවෝ පවසති.
සයිරනය නාද වීමෙන් පසු ජලාශයේවාන් දොරටු විවෘත කරන බැවින් රත්කිද කෝසුව ජලයෙන් යටවන බැවින් ඒ හරහා ගමනාගමනය සම්පූර්ණයෙන් ඇන හිටින බවද ඔවුහු පවසති.
ජලාශයේ පිටවානේ ගේට්ටු හතක් ඇති අතර වැඩිවෙන ජලධාරිතාව අනුව රාත්රියේ ඒවා විවෘත කිරීමට සිදුවනු ඇතැයි ද පහළින් සිටින ජනතාවද විමසිලිමත්ව සිටින ලෙසද ජලාශ භාර ඉංජිනේරුවෝ මහජනතාවගෙන් ඉල්ලා සිටිති.
දින දෙකක් තුළ මිලිමීටර් සියය ඉක්මවූ වැසි ලැබී ජල වැඩි ජල ධාරිතාවයක් උල් හිටිය හා ඒ ආශ්රිත ප්රදේශයට ලැබී ඇති බැවින් මහවැලි සී කලාපයට ජලය නිකුත් කිරීම අවම වී ඇති බවද ජල මට්ටම වඩාත් ඉහළ ගොස් ඇති බවද ජලාශභාර ඉංජිනේරුවෝ වැඩිදුරටත් පැවසීය.