වෛද්‍ය පුතු විදේශ ගතවීමෙන් අනතුරුව ඔහුගේ වෛද්‍ය මධ්‍යස්ථානය ඒ අයුරින්ම පවත්වාගෙන යමින් රෝගීන්ට ප්‍රතිකාර ලබා දුන් 66 හැවිරිදි පුද්ගලයකු බියගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
සුදුසුකම් නොලත් වෛද්‍යවරයෙකු විසින් බියගම බණ්ඩාරවත්ත ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බවට බියගම පොලිසියට ලද තොරතුරකට අනුව වැටලීම කළ බව පොලිසිය සඳහන් කරයි.
අදාල වෛද්‍ය මධ්‍යස්ථානයේ වටලා සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අත්අඩංගුවට ගත් 66 හැවිරිදි සැකකරුගේ පුතු වෛද්‍යවරයෙකු බවත් 2017 වසරේ මෙම වෛද්‍ය මධ්‍යස්ථානය ලියාපදිංචි කර ඇති බවත් ඔහු 2023 වසරේ ජූලි මාසයේදී විදේශගතවීමෙන් අනතුරුව සැකකරු විසින් මේ දක්වා වෛද්‍ය පුතුගේ නම භාවිතා කරමින් රෝගීන්ට ප්‍රතිකාර ලබා දී ඇති බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත. සැකකරු යටතේ සේවකයන් දෙදෙනෙක්ද සිටින බව පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් මෙම සැකකරුට වෛද්‍ය ප්‍රතිකාර කිරීමට හෝ වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට කිසිදු සුදුසුකමක් නොමැති අයෙක් බවට වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
බියගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරිසක අජිත් විජේසිංහ මහතා පරීක්ෂණ පවත්වයි