විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණ ආදායම මැයි මාසයය තුළද වර්ධනයක් පෙන්නුම් කරමින් ඩොලර් මිලියන 544.4ක් ශ්‍රී ලංකාවට යොමුකර තිබේ.
එම අගය මේ වසරේ අප්‍රේල් මාසයේදි වාර්තා වූ ඩොලර් මිලියන 543.8 මෙන්ම පසුගිය වසරේ මැයි මාසයේද වාර්තා වූ ඩොලර් මිලියන 479.7ක අගයද ඉක්මවා යාමකි.
එසේම මැයි මාසය දක්වා වූ මාස පහ සඳහා, ප්‍රේෂණ මගින් රටට ඇමරිකානු ඩොලර් මිලියන 2, 624.4 ක් ලැබී ඇති අතර එය වසරකට පෙර එම කාල සීමාව හා සැසැදීමේදී සියයට 11.8 ක වර්ධනයකි.