ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් වාර්තා වුවත් රටම වසා දැමීමක් අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවැසීය.
පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා අරලිය ගහ මන්දිරයේ පැවැති හමුවකදී ඔහු මේ බව පැවැසීය.
කන්දකාඩු කොවිඩ් පොකුරෙන් ආසාදිතයන් 533ක් වාර්තා වුවත් එයට සම්බන්ධව බාහිරින් වාර්තා වූයේ රෝගීන් 25ක් බවද ඔහු සඳහන් කළේය.
“ලොක්ඩවුන් අවශ්‍ය වෙන්නේ පැතිරීමක් පේන්න තිබෙනවා නම්. රාජාංගණයේ පවුල් 12000 ක් ඉන්න ප්‍රදේශ ආවරණය කර තිබෙනවා” යැයි ඔහු පැවැසීය.
ශ්‍රී ලංකාවේ මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ 130000ක් සිදුකර අවසන් බවත් පළමු පී.සී.ආර්. පරීක්ෂණ ලක්ෂයට දින 95ක් ගත වුවත් දෙවැනි පරීක්ෂණ 100000 ගත වන්නේ දින 24ක් බවත් ඔහු පැවැසීය.