පසුගිය රජය පාලනය කළ ආකාරයටම වත්මන් රජය රට පාලනය කරමින් සිටින බවත් අද වන විට රට පාලනය කරනු ලබන්නේමේ රජය නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බවඑක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් රංජිත් මැද්දුම බණ්ඩාර මහතා පවසයි.
මෙම තත්වය හමුවේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදීජනතා විමුක්ති පෙරමුණු රජයට යම් සංඥාවක් ලබා දේවියැයිබලාපොරොත්තු වන බවදඒ මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේමහලේකම්වරයා මෙම අදහස් පළ කර සිටියේ අද (05) මහනුවරට පැමිණ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
"සමගි ජන බලවේගය තුළ කිසිදු අභ්‍යන්තර ගැටුමක් නැහැ. එවැනි ගැටුමක් තිබෙන බව පෙන්වීමට සමහර අය උත්සාහකරනවා. එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වන ලෙස අපගේ පාක්ෂිකයන් සහ ආධාරකරුවන් ඉල්ලා සිටිනවා. අපි අනාගතයේ එහෙම එක්වීමක් වෙයි කියා බලාපොරොත්තු වෙනවා.
එහිදී නායකත්වයේ වෙනසක් සිදුවන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව සිටිනමුස්ලිම් පක්ෂ ද්‍රවිඩ පක්ෂ බෞද්ධ පක්ෂසිටිනවා ඒ අය අපට එක් වෙයි කියා අප සිතනවා. සමගි ජන බලවේගය නීත්‍යානුකූල පක්ෂයක්. එම පක්ෂය නියෝජනයපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 45 දෙනෙක්සිටිනවා.අපියි විපක්ෂයේ ප්‍රධානන පක්ෂය.
අද වන විටගොවීන්ගේ පොහොර සහනාධාරයේ වැඩි කොටසක් රජයට දීගැනීමට නොහැකිව සිටිනවා. ගංවතුරෙන් හානි වූ ගොවීන්ට ඒ වන්දිමුදල් දීලත් නැහැ. එදා කුඹුරට බැහැලා හිටපු නායකයෝ අද වන විට සීතකාමර වලට වෙලා ගොවියන්ගේ ප්‍රශ්න අමතක කොටතිබෙනවා."
වත්මන්රජය විපක්ෂයේ සිටියදීමාධ්ය නිදහස වෙනුවෙන් පෙනී සිටියත්මේ වන විට මාධ්‍ය මර්ධනය කිරීමට උත්සාහ කරමින් සිටින බව පෙනී යන බව පැවසූ මහලේකම්වරයා සමගි ජනබල වේගය හැටියට මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටිනබවද අවධාරණය කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී සහවිපක්ෂයේ මෙහෙයුම්ප්රධානිනලින් බණ්ඩාර, හිටපු පාර්ලිමේන්තු මන්ත්රීලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවටඑක්ව සිටියහ.