අද (18දා) සිට රටටම බලපාන පරිදි හදිසි නීතිය පැනවීමට වැඩබලන ජනපති වශයෙන් රනිල් වික්රමසිංහ මහතා කටයුතු කර තිබේ. මහජන ආරක්ෂක පනත හරහා පැවැරී ඇති බලතල අනුව වැඩබලන ජනපතිවරයා මෙසේ හදිසි නීතිය ක්රියාත්මක කර තිබේ.
මේ සඳහා වන අතිවිශේෂ ගැසට් පත්රය ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් මහතා විසින් නිකුත් කර තිබේ.