බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී රජරට රැජින දුම්රියේ එංජිම සාගරිකා දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
රජරට රැජින දුම්රියේ එංජිම මාරු කිරීමේදී වැරදි පීල්ලේ ධාවනය වීම හේතුවෙන් එම පීල්ලේ නවතා තිබූ සාගරිකා දුම්රියේ ගැටී අනතුර සිදුව තිබේ.
අනතුරින් සාගරිකා දුම්රියට දැඩි හානි සිදුව ඇති අතර ඒ අනුව එම දුම්රිය හෙට (16) උදෑසන ධාවනයට එක් කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති තිබේ.
අනතුර හේතුවෙන් රජරට රැජින දුම්රිය ද ප්රමාද වී ධාවනය කිරීමට සිදුවිය.