රජය පාර්ශ්වයෙන් තමන්ගෙන් ඉල්ලීමක් කළොත් දැනට රුසියාවේ හා යුක්රේනයේ කුලී හමුදා ලෙස සේවය කරන ශ්‍රී ලාංකික හමුදා සෙබළුන් සතියක් තුළ මෙරටට ගෙන්වා දීමට තමන්ට හැකි බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තාතාපති උදයංග වීරතුංග මහතා පැවසීය.ඔහු මේ බව පැවසුවේ අද (12දා) මත්තල ගුවන් තොටුපොළ පරිශ්‍රෙයේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
"අද වන විට ලංකාවේ හමුදා සෙබළුන් විවිධ රටවලට කුලී හමුදා ලෙස සේවය කිරීමට යැවීම නිසා අකාලයේ ඔවුන්ගේ ජීවිත විනාශ වෙමින් තිබෙනවා.ලංකාවේ හා පිට රට ඉන්න විවිධ ජාවාරම්කාරයන් එකතු වෙලා තමයි මේ ජාවාරම කරගෙන යන්නේ. ලංකා රජය වගේම නිලධාරීන්නුත් මේකට වගකියන්න ඕනේ.
රුසියානු හා යුක්රේන රජය ඍජුව කුලී හමුදා ගන්නේ නෑ.අතරමැදියන් හරහා තමයි ගන්නේ.ඒ කුලී හමුදාව සම්බන්ධයෙන් යුක්රේනය හෝ රුසියාව කිසිදු වගකිමක් ගන්නේ නෑ. එලෙස බඳවා ගන්නා කුලී හමුදාවලට කිසිදු පුහුණුවක් ලබා දෙන්නේ නෑ. ඒ අය කෙළින්ම යොමු කරන්නේ යුද්ධයේ ඉදිරි වළල්ලට.යුක්රේනයේ තානාපති වරයෙක් මා එක්ක කිව්වා ඉදිරි වළල්ලේ විදේශිකයන් 1500ක විතර කුලී හමුදාවක් ඉන්නවා.
ඒ අතර ශ්‍රී ලාංකික සෙබළුනුත් විශාල පිරිසක් ඉන්නවා.ඒ මැරුණ කෙනෙකුගේ බොඩි එකක්වත් ලංකාවට ගෙන ඒම සම්බන්ධයෙන් කිසිදු ක්‍රියා මාර්ගයක් නෑ කිවුවා.රුසියාව හෝ යුක්රේනයේ හමුදාවට නීත්‍යනුකූලව බැඳෙන්න නම් ඒ රටේ පුරවැසියෙකු විය යුතුයි.මේ ආකාරයට ඳෙවා ගන්නා අය සම්බන්ධයෙන් ඒ රටවල් දෙකෙහිම කිසිදු වගකිමක් නෑ.ඒ නිසා මේක ජාවාරමක්.මේකට අහු වෙන්න එපා.මේක එක පැත්තකට ලැබෙන ටිකට් එකක් මිසක් මේකේ රිටන් ටිකට් එක්ක නෑ. මම තානාපති විදියට නම් කටයුතු කරන්නේ මට මේක විඳෙන්න සතියකින් පුලුවන්."
සූරියවැව ණුවන් ජයසේකර