ජනාධිපති සහ අග්‍රාමාත්‍ය ලේකම්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ට විදෙස් නිල සංචාර සඳහා එක්වීමේදී රජයේ මුදලින් ව්‍යාපාරික පන්තියේ ගුවන් ගමන් ආසන වෙන් කිරීම තහනම් කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් චක්‍රලේඛයක් ළඟදීම නිකුත් කරනු ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසයි.
ඒ අනුව මෙතෙක් එම පහසුකම භුක්ති විඳි නිලධාරීන් කිහිප දෙනෙකුට ඉදිරියට රජයේ මුදල් භාවිත කරමින් විදෙස් ගතවිමේදී පිරිමැසුම්දාක පංතියේ ගමන් කිරීමට සිදුවෙනු ඇත.
මෙම පහසුකම හිමි වූවන් අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, කැබිනට් ලේකම්වරයා, මහ බැංකු අධිපතිවරයා සහ නීතිපතිවරයා ද විය.
ලබන සතියේ ජිනීවා හි පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරයට සහභාගි වීමට නියමිත විදේශ අමාත්‍යාංශයේ නියෝජිත පිරිසක් ව්‍යාපාරික පන්තියේ ප්‍ර වේශ පත්‍ර වෙන්කර ගෙන තිබූ අතර ඒ වෙනුවෙන් එක් ප්‍ර වේශ පත්‍රයක් වෙනුවෙන් ගෙවීමට තිබූ මිල රුපියල් ලක්ෂ 8ක් වෙයි.
රටේ පවතින අයහපත් මූල්‍ය තත්ත්වය හමුවේ වුවත් තවත් රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු ව්‍යාපාරික පන්තියේ ගමන් කර ඇති බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ ඇතැම් නිලධාරීන් ආර්ථික පන්තියේ ගමන් කිරීමට කැමැත්තෙන් සිටි නමුත් පෙර පුරුදු හේතුවෙන් ඔවුන් ව්‍යාපාරික පන්තියේ ගමන් කර ඇති බවයි.
නිලධාරීන්ගේ විදේශ සංචාර වලදී හෝටල්වල නවාතැන් ගැනීම සඳහා ද චක්‍රලේඛය මගින් සීමාවන් පනවනු ලබන බව සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.
වියදම් කපා හැරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුකූලව මෙම චක්‍රලේඛය නිකුත් කරන බව එම නිලධාරියා පැවසීය. කෙසේ වෙතත්, අමාත්‍යවරුන්ගේ ගමන් පිළිවෙත් සම්බන්ධයෙන් කිසිදු වෙනසක් සිදු නොවනු ඇත.