පවතින තත්ත්වයන් හමුවේ විවිධ පාර්ශවයන් විසින් පදනම් විරහිත, නොමග යවන සුළු මෙන්ම ගොතන ලද අර්ථකථන දෙමින් ප්රකෝපකාරී චෝදනා ප්‍රචාරය කරමින් හමුදාව මෙන්ම දිවයින පුරා සේවය කරනු ලබන එහි සාමාජිකයන් අපකීර්තියට සහ අපකීර්තියට පත් කිරීමේ උත්සායක් පිලිබඳ යුද හමුදාවේ අවධානය යොමුව ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් යුද හමුධා මාධ්‍ය අංශය සඳහන් කරයි.
එම නිවේදනයේ සඳහන් පරිදි පසුගිය දින කිහිපයේම හමුදා භට පිරිවලට අපහාස කිරීමටත්, ප්රචණ්ඩත්වට ඇති කිරීමටත් සූදානම් වන බවටත් පහරදීමට පුහුණව ලබමින් සිටින බවත් විවිධ ප්‍රචාර යම් යම් කණ්ඩායම් විසින් ගෙන ගිය බවත් එම සියලු චෝදනා යුද හමුදාව විසින් ප්‍රතික්ෂේප කරනු ලබනු බවත් මේ වන තෙක් කිසිදු හමුදා භටයෙක් හෝ මේ කිසිදු අවස්ථාවක් සඳහා සහභාගී වී නොමැති බවද එම නිවේදනයෙහි සඳහන්.
මෙම සාවද්‍ය ප්‍රකාශ අදාල පාර්ශවයන්ගේ නොදැනුවත්කම හෝ හමුදාවේ ක්‍රියාකාලාපය පිලිබඳ නොදැනුවත්කම මත සිදුකරන ප්‍රකාශ බවත් පසුගිය දින කිහිපය තුල සාමකාමී විරෝධතාවන්ට හෝ සංවිධානාත්මක විරෝධතාවන්ට කිසිදු අයුරකින් මැදිහත් වී නොමැති බවත් මෙම සියලු චෝදනාවක් සපුරා ප්‍රතික්ෂේප කරන බවත් යුද හමුදාව විසින් නිකුත් කල නිවේනයෙහි දැක්වෙයි.
එමනිසා ආන්ඩුක්රම ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට අනුකූලව රාජ්‍ය සහ එහි ජනතාව ආරක්ෂා කිරීමට හමුදාව සහතිකවම කැපවී සිටින බැවින් එම සැලසුම් සහගත කූටෝපායන් සහ ද්‍රෝහී ක්රියාවන්තුලින් කුපිතවීම හෝ නොමග නොයන ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවත් යුද හමුදාව විසින් නිකුත් කල නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වෙයි.