යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී වශයෙන් විජයබා රෙජිමේන්තුව නියෝජනය කරන මේජර් ජනරාල් රෝහිත අළුවිහාරේ මහතා පත්කර තිබේ.
1988 යුද හමුදාවට බැඳුන ඒ මහතා 2009 මැයි 19 වැනි දින එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්රභාකරන් ඝාතනය කළ යුද හමුදා අවසන් සටනේ 4 වැනි විජයබා රෙජිමේන්තුවට අණ දුන් නිලධාරියා ලෙස කටයුතු කළේය. ඔහු පසුගිය ජුනි හය වැනි දින විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් වරයකු ලෙසද පත් කරනු ලැබීය. යුද හමුදාවේ සහකාර ජෙනරාල් වරයකු කටයුතු කරමින් සිටි රෝහිත අළුවිහාරේ මහතා මධ්‍යම ආරක්ෂක මූලස්ථානයේ පාබල සේනාංකාධිපතිවරයකු ලෙසද කටයුතු කළේය. ඔහු කුරුණෑගල මලියදේව මහා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වෙයි.
කමල් ශ්‍රී ලියනගේ