කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් සියයට 40ක් ඇමෙරිකානු සමාගමකට පැවැරීම සම්බන්ධයෙන් වන ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් ජනපත් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලූ සාකච්ඡාව ජනපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.
අමාත්‍ය විමල් වීරවංශ, අමාත්‍ය උදය ගම්මන්පිල, අමාත්‍ය වාසුදේව නානායක්කාර නායකත්වය දරණ පක්ෂ මෙන්ම ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 11ක් මෙම සාකච්ඡාව ජනපතිවරයාගෙන් ඉල්ලා තිබුණි.
මීට පෙර ඒ සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමගද සාකච්ඡාවක් පැවැත්තුවත් එම සාකච්ඡාවද විසඳුමකින් තොරව අවසන් විය.
ගිවිසුම සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් එය ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමේදී හෝ කැබිනට් මණ්ඩල රැස්විමේදි සාකච්ඡා කර එකඟතාවයකට පැමිණීම වැදගත් බව ජනපතිවරයාගේ අදහස වී ඇති බව වාර්තා වෙයි.