යුක්තිය මෙහෙයුම ආරම්භ කර මාස දෙකක් පිරීම නිමිත්තෙන් බස්නාහිර පළාතේ සියලු පොලිස් වසම් ආවරණය වන පරිදි විශේෂ සෝදිසි , මෙහෙයුමේදී පුද්ගලයින් 1,061 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
එම මෙහෙයුමේදී රථ වාහන 11 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 05 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සමග හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 322 ක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 111 ක් ගංජා ග්‍රෑම් 160 ක් ඈෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13 ක් නීති විරෝධී මත්පැන් මිලි ලීටර් 21750 ක් තීරු බදු රහිත ආනයනය කරන ලද දුම්වැටි 855 ක් පොලිස් භාරයට ගෙන ඇත.
තවද කඩු හයක් , තහනම් පිහි දෙකක් , කිනිසි එකක් හා මන්නාපිහි එකක් පොලිස් භාරයට ගෙන ඇත.
2023.12.17 දිනෙන් ආරම්භ කර මේවනවිට දිවයින පුරා ක්‍රියාත්මක වන යුක්ති මෙහෙයුමට සමගාමීව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ඊයේ (18) දින අළුයම බස්නාහිර පළාතේ සියලුම පොලිස් වසම් ආවරණය වන පරිදි විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකරන ලදී.
විශේෂයෙන්ම මෙහිදි බස්නාහිර පළාතේ සියලුම පොලිස් බල ප්‍රදේශ ආවරණය වන පරිදි සෝදිසි මෙහෙයුම් දියත් කල අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ අවධානයක් යොමු කෙරිණි
මෙම සෝදිසි මෙහෙයුම සදහා පොලිස් නිළධාරීන් 2,253 ක්, ත්‍රිවිද හමුදා නිළධාරීන් 1,112 ක් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් 219 ක් යොදවා ඇත.