ගල්කිරියාගම පොලිස් වසමේ, පහලගම නෙල්ලියගම, ප්‍රදේශයේ මාර්ගය අසල නවතා තිබූ යතුරු පැදියක් මත ජීවිතක්ෂයට පත්ව සිටි පිරිමි පුද්ගල මළ සිරුරක්, ඊයේ 01 දින හමු වූ බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, නෙල්ලියගම, පලාගල, ගල්කිරියාගම ලිපිනයේ පදිංචිව සිටි වහබ්දීන් අමීන් මුනවුෆර් නැමැති 50 හැවිරිදි පුද්ගලයෙකි.
පොලිසියට ලද තොරතුරකට අනුව මෙම මරණය සම්බන්ධයෙන් කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර, මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව මෘත දේශය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙසට නියෝග කෙරිණි.
එම නියෝගයට අනුව දඹුල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ.වී.යූ.කේ.එස් බංඩාර මහත්මිය පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මරණයට හේතුව හෘදයාබාධයක් බවට වාර්තා කර ඇති බව පොලිසිය කියයි.
ගල්කිරියාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මල් රත්නායක මහතාගේ උපදෙස් මත, නිලධාරීහු පිරිසක් වැඩි දුර විමර්ශන සිදු සිදු කලහ. (IJ)
බී.ජි චතුරංග