මීටියාගොඩ පොලිස්ය වසමේ වැරැල්ලාන දුම්රිය හරස් මාර්ගයේදී කාන්තාවක් පැදවූ යතුරු පැදියක් ගාල්ල සිට රඹුක්කන දක්වා ධාවනය වූ දුම්රියේ ගැටි අනතුරක් සිදුව ඇතැයි පොලිසිය කියයි.
මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදි කාරිය රෝහල් ගත කිරිමේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි. අනතුරින් මියගොස් ඇත්තේ හික්කඩුව ප්ර දේශයේ පදිංචිකාරියකි.
ඇයගේ නොසැලකිලිමත් යතුරු පැදි ධාවනය මෙම අනතුරට හේතුව වි තිබේ.