මෝල්ටා රාජ්‍යයේ සිට සංචාරකයන් පිරිසක් පළමු වතාවට කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ අද (27දා) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියහ.මෝල්ටාව යූරෝපා මහාද්වීපය තුළ පිහිටි රාජ්‍යයකි.
මෙම සංචාරකයන් මීට පෙර ඇමෙරිකාව, කැනඩාව වෙත සිය ශීත ඍතුව ගත කිරීම සදහා තෝරා ගෙන තිබුණ ද, මෙවර ඒ වෙනුවට ශ්‍රී ලංකාව තෝරා ගෙන තිබේ.
මේ සදහා එරට සංචාරක නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාව තුළ දින 12 ක අධ්‍යයන චාරිකාවක නිරත වීමෙන් පසු ශ්‍රී ලංකාව සංචාරය සදහා සුදුසු ලාභදායී රටක් බවට ඔවුන් එරටට නිර්දේශ කර තිබේ.
එහිදී ඔවුන් ශ්‍රී ලංකාවේ පවතින ග්‍රාමීය ස්වභාවික පරිසරය, ශ්‍රී ලංකාවේ වන අලි, දිය ඇළි, ශ්‍රී ලංකාව වටා ඇති සුන්දර මුහුදු තීරය, ශ්‍රී ලාංකිකයන්ගේ ආගන්තුක සත්කාරය මෙහිදී එම සංචාරක නියෝජිතයන් පිරිස ඇගැයීමට ලක් කර තිබුණි.
50 දෙනෙකුගෙන් සමන්විත මෙම මෝල්ටා සංචාරකයන් පිරිස ශ්‍රී ලංකාව තුළ දින 12 ක් ගත කරමින් මීගමුව, සීගිරිය, දඹුල්ල , කවුඩුල්ල ජාතික වනෝද්‍යානය, මහනුවර, නුවරඑළිය, හෝටන්තැන්න, යාල සහ දුම්රිය මගින් ඇල්ල වෙත යාමට ද නියමිතය.
මෙම සංචාරකයන් පිරිස 12/27 දින උදෑසන 08.20 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
VIDEO