ශ්‍රී ලංකාවේ සංචාරය නිමාකරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද පස්වරුවේදී දිවයිනෙන් පිටත්ව ගියේය.
පිටත්වයාමට මත්තෙන් ඔහු සිය ට්විටර් ගිණුමේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් පහත අදහස් දැක්වීම සිදුකර තිබුණි.
"මාගේ සංචාරය අතරතුර ලබාදුන් උණුසුම් ආගන්තුක සත්කාරය වෙනුවෙන් දිසානායක ජනාධිපතිතුමාට, ශ්‍රී ලංකා ජනතාවට සහ රජයට මාගේ හෘදයාංගම කෘතවේදිත්වය පළ කරමි. කොළඹ වේවා අනුරාධපුරය වේවා, මෙම සංචාරය අප දෙරට අතර ගැඹුරු සංස්කෘතික, ආධ්‍යාත්මික සහ ශිෂ්ටාචාරමය බැඳීම් තහවුරු කළේය. එය නිසැකවම අපගේ ද්විපාර්ශ්වික සබඳතාවන්ට ජවය එක් කරනු ඇත."

