කහතුඩුව වෑතර රෝහල ඉදිරිපිටදී ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් නවතා තිබූ ස්කුටර්යක සහ මාර්ගයේ ගමන් ගත් සිසුවෙකුගේ ගැටීමෙන් එම සිසුවා බරපතල තුවාල ලබා ඇතැයි කහතුඩුව පොලිසිය කියයි.
අනතුරින් තුවාල ලබා ඇත්තේ වෑතර මහා විද්‍යාලයේ දහවන වසරේ ඉගෙනුම ලබන බණ්ඩාරගම වල්ගම ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි සිසුවෙක්ය.
මෝටර් රථයේ ගැටීමෙන් නවතා තිබූ ස්කූටරය මීටර් දහයක් පමණ මෝටර් රථයක් සමග ඉදිරියට ඇදී ගොස් අධිබලැති විදුලි කණුවක ගැටී දෙකට නැවී බරපතල අලාභ සිදු වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ සිසුවා වෑතර රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවල ශීක්ෂණ රෝහල වෙත ඇතුලත් කර ඇත.
මෝටර් රථය පිළියන්දල දෙස සිට කහතුඩුව දෙසට පැමිණීමේදී එහි පිටුපස දකුණු පස ටයරයේ හුළං යාම හේතුවෙන්
රියදුරට මෝටර් රථයේ පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ වම් අත දිසාවට ඇදී ගොස් වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ස්කූටරය යේ ගැටීමෙන් අනතුරුව පාගමනින් යමින් සිටි සිසුවාගේ ද ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
සිසුවාගේ මව වෑතර රෝහලේ සේවිකාවක් ලෙස සේවය කරන අතර සිසුවා දහවල් ආහාර පාර්සලයක් ගැනීම සඳහා වෙළඳ සැලකට පැමිණ අවස්ථාවේදී මෙම අනතුර වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුරින් මෝටර් රථය ඉදිරිපසට බරපතළ අලාභ සිදුවී එහි වායු බැලුනයන්ද ක්‍රියාත්මක වී ඇතැයි පොලිසිය කියයි. 29 හැවිරිදි මෝටර් රථ රියදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ එච් එස් ප්‍රියංකර මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච් කේ ජගත් පොලිස් කොස්තාපල් 93763 අබේසිංහ මහත්වරුන් පරීක්ෂණ පවත්වයි.