බකමූණ පොලිස් වසමේ නාඋල ඇළහැර මාර්ගයේ අලිකන්ද ප්‍රදේශයේදී නාඋල දෙස සිට ඇළහැර දෙසට ධාවනය වූ කාර් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර්ග සංඥා කණුවක ද ගැටී මාර්ගය අසලින් ගලා බසින යෝධ ඇළට පෙරළී ඊයේ (10දා) අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ කාර් රථයේ රියදුරු හා එහි ගමන්ගත් කාන්තාවක් මියගොස් ඇති අතර තවත් කාන්තාවක් බකමූණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට මාරුකර යවා ඇත.
මරණකරු වන රියදුරු කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවටත්, මියගිය කාන්තාව හා තුවාලකාරිය නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි මවක සහ දියණියක බවට අනාවරණය වී ඇත. මොවුන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීමේ ලේඛන කිසිවක් හමුවී නොමැති අතර කාර් රථය ගොඩට ගැනීමට කටයුතු කරමින් පවතී.
මෘත ශරීර බකමූණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. බකමූණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.