රුසියාවේ මොස්කව් නුවර ක්‍රොකස් සිටි සාප්පු මධ්‍යස්ථායේදී සිවිල් වැසියන්ගේ ජීවිත හානි හා තුවාල සිදු කරමින් සිදු වූ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාව තරයේ හෙළා දකින බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එසේම සිවිල් වැසියන්ට එරෙහි මෙවැනි නිවට ප්රචණ්ඩ ක්‍රියා පිළිකුල් සහගත බවත් ශිෂ්ට සමාජය තුළ ඒවාට ඉඩක් නොමැති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
ශ්‍රී ලංකා රජය සහ ජනතාව විපතට පත් වූවන්ගේ පවුල්වලට සහ රුසියානු සමූහාණ්ඩුවේ රජයට මේ අවස්ථාවේදී හෘදයාගම ශෝකය ප්‍රකාශය බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ත්‍රස්තවාදය එහි සියලු ආකාරවලින් සහ ප්රකාශනයන්ගෙන් පැහැදිලිවම හෙළා දැකිය යුතු අතර මුලිනුපුටා දැමිය යුතු බවත් ත්රස්තවාදයට එරෙහි ගෝලීය සටන සඳහා ශ්‍රී ලංකාව සිය කැපවීම යලි තහවුරු කරන අතර සාමයට සහ ආරක්ෂාවට ඇති මෙම බරපතල තර්ජනයට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානමින් සිටින බවද විදේශ කටයුතු අමාත්‍යාශය පවසයි.
තුවාල ලැබූ සියලුම දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.