රුසියාවේ මොස්කව් නුවර රඟහලකට එල්ල වූ අයි.එස්.අයි.එස්. ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 93ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
එසේම ප්‍රහාරයට සැකපිට මේ වන විට පුද්ගලයන් 11ක් අත්අඩංගුවට ගෙන ඇති අතර එයින් සිව් දෙනෙකු ප්‍රහාරයට සෘජුවම සම්බන්ධ බව රුසියාව තහවුරු කර තිබේ.
මෙවැනි ප්‍රහාරයක් එල්ල විය හැකි රුසියාවට ඇමෙරිකාව විසින් දන්වා තිබුණ බව ධවල මන්දිරය ප්‍රකාශ කරන අතර ප්‍රහාරයට තම රටේ කිසිම සම්බන්ධයක් නොමැති බව රුසියාව සමග මේ වන විට යුද වැදී සිටින යුක්රේනය පවසයි.
ප්‍රහාරයේ වගකීම අයි.එස්.අයි.එස්. සංවිධානය විසින් භාර ගෙන තිබේ.