හෝමාගම මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කොරෝනා වෛරසය අසාදනය වී ඇතැයි සැක සහිත රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරැන්ට සහ හෙද හෙදියන්ට නවාතැන් ගැනීම සඳහා හෝමාගම, දියගම ඉදිකර තිබෙන මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසු නේවාසිකාගාරය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ එම තාක්ෂණ පීඨයේ නිසි බලදාරි ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න යන මහත්වරැන් විසින් හෝමාගම මූලික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා වෙත ලබාදීම පසුගියදා 27දා සිදුකෙරිණි.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ඉල්ලීමක් අනුව මෙම නේවාසිකාගාරය ලබා දීමට කටයුතු කර ඇති අතර මෙය කාමර සියයකින් සමන්විතය.
එස්.දොලමුල්ල