මොරටුව කල්දෙමුල්ල ප්‍රදේශයෙන් කෝවිඩ් 19 රෝගියෙකු අද දිනයේ වාර්තා වුවත් එම ප්‍රදේශයට ප්‍රවේශ වීම අඩාල කරන්නට තරම් අර්බුදයක් ඇතිවී නොමැති බව මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා “අදට” පැවසුවේය.
අටලුගම ප්‍රදේශයේ කාන්තාවක සේවය කළ නිවසක හිමිකාරිනියට එම සේවිකාවගෙන් මෙලෙස කොරෝනා රෝගය සම්ප්‍රේෂණය වී ඇති බවත් ඔවුන් පිටස්තර පුද්ගලයන් සමඟ වැඩි සබඳතාවයක් පවත්වා නොමැති හේතුවෙන් අවට පවුල් පහක් වැනි සුලු ප්‍රමාණයක් නිරෝධනයට ලක් කිරීමට කටයුතු යොදා ඇති බවත් හෙතෙම පැවසුවේය .
කෙසේ නමුත් අදාල සේවිකාව ඇඳිරිනීතිය පැනවීම මත නිවසෙන් පිටත්ව අටලුගම ප්‍රදේශයට යන අතරතුර මුණගැසී කටයුතු කළ අය පිළිබඳව සොයා බලන බව නගරාධිපතිවරයා පැවසුවේය.