විදේශ රටවල සහ කොළඹ ඇතුළු විවිධ ප්‍රදේශවල රැකියාවන් වල නිරතව සිට මොනරාගල දිස්ත්‍රික්කයට පැමිණි පුද්ගලයින් 2245 දෙනෙකු නිවෙස් වල සිට නිරෝධායනය වන බව මොනරාගල දිසාපති ගුණදාස සමරසිංහ මහතා පැවසීය.
විදේශ රට වල සිට පැමිණි පුද්ගලයින් 140 දෙනෙකුද කොළඹ ඇතුළු විවිධ ප්‍රදේශවල සිට පැමිණි පුද්ගලයින් 1095 දෙනෙකුද මෙලෙස නිවෙස් වල නිරෝධායනය වේ.
මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක පාලිත අධිකාරි මහතාගේ උපදෙස් පිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ අධීක්ෂණය යටතේ මෙම පිරිස නිරෝධායනය වන බව සඳහන් කළ දිසාපතිවරයා දින දහහතරක් ඔවුන් නිවෙස්වලම රැඳීසිටිය යුතු බවද සඳහන් කළේය.
මීට අමතරව කෝවිඩ්19 රෝගය වැළඳී ඇති බවට සැක සහිත රෝගීන් තිදෙනෙකුද මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.
මොනරාගල සුමනසිරි ගුණතිලක