වැටුප් වැඩිකරන ලෙස ඉල්ලමින් මොනරාගල බන්ධනාගාරයේ නිලධාරීන් ඉකුත් (21) වෙනිදා අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීම නිසා බන්ධනාගාරයේ එදිනෙදා සේවාවන් සම්පූර්ණයෙන්ම අඩාලවී තිබිණි.
සිරකරුවන් සහ සැකකරුවන් සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩු වලට ඔවුන් කැඳවාගෙන යාම සම්පූර්ණයෙන්ම අඩාලවී තිබිණි.
සැකකරුවන් අධිකරණයට රැගෙනයාමට බන්ධනාගාර බස්රථ රියදුරන් කිසිම බස්රථයකට ප්‍රධාන දොරටුවෙන් ඇතුළුවීමට වර්ජනයට සහභාගී වූ නිලධාරීන් ඉඩදුන්නේ නැත.
ඉකුත් (20) වෙනිදා පොලීසිය මඟින් අධිකරණ වලට ඉදිරිපත්කරන රක්ෂිත බන්ධනාගාරගත කෙරෙන සැකකරුවන් බන්ධනාගාරයට රැගෙන ඒමද මෙම තත්වය මත අඩාලවී තිබිණි.
බන්ධනාගාර සහකාර අධිකාරීවරයා සහ ප්‍රධාන ජේලර්වරයා සේවයට වාර්තාකර තිබුණු අතර බන්ධනාගාරයේ පොදු දුරකථන සියල්ල අක්‍රීයවී තිබිණි.
පොලීසිය මැදිහත්වී සිරකරුවන් සහ සැකකරුවන් අධිකරණයට රැගෙනයාමට උත්සාහ කළත් එයද ව්‍යර්ථ විය.
සැකකරුවන් සහ සිරකරුවන් බැලීමට පැමිණි ඥාතීන්ටද ආපසු යෑමට සිදුවිය