ශ්‍රීලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන නාමල් රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීමේ අරමුණෙන් සංවිධානයකළ සාකච්ඡාවක් මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා වල හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු ග්‍රාමීය නායකයින්ගේ සහභාගීත්වයෙන් ඉකුත් (11) වෙනිදා රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ මොනරාගල සිරිගල ප්‍රදේශයේ පිහිටි නිවසේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාවට ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ වැල්ලවාය ආසන සංවිධායක ඌව පළාත් සභාවේ හිටපු උප සභාපති විමල් ගලගමආරච්චි ප්‍රාදේශීය සභාපතිවරුන් වන ආර්.එම් රත්නවීර (මොනරාගල),රංජිත් පියදිගම (මැදගම),චමින්ද පුෂ්පකුමාර (මඩුල්ල),සමන් වර්ණකුලසූරිය (සියඹලාණ්ඩුව) යන මහත්වරුන් ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ අපේක්ෂකයින්ගෙන් විශාල පිරිසක් සහභාගීවී සිටියහ.
මෙහිදී පිරිස දැනුවත්කළ වාරිමාර්ග හා ජල සම්පාදන රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කියා සිටියේ,
ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රීලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් පා.ම නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත්වෙනවා පක්ෂයේ නායකයින් වන අප සියලු දෙනාගේම වගකීම එතුමා ජයග්‍රහණය කරවීම. එසේ කිරීමෙන් පමණයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණ රැකගැනීමට පුළුවන්වන්නේ.පැමිණ සිටින ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ බහුතර කැමැත්ත නාමල් රාජපක්ෂ මහතාට ලැබෙනවාට කිසිම සැකයක් නැහැ.ඔහුගේ ජයග්‍රහණය සඳහා කැප වන ලෙස ඉල්ලා සිටිනවා.
මේ අතර ඉකුත් (12) වෙනිදා මොනරාගල පුද්ගලික නිවාඩු නිකේතනයකදී ප්‍රසන්න රණතුංග මහතාගෙන් ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී මොනරාගල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්දෙනාගෙන් සිව්දෙනෙකු වන විදේශ රැකියා රාජ්‍ය ඇමති ඒ.පී ජගත් පුෂ්පකුමාර,පිරිවෙන් අධ්‍යාපන රාජ්‍ය ඇමති විජිත බේරුගොඩ,මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පා.ම කුමාරසිරි රත්නායක,පා.ම වෛද්‍ය ගයාශාන් නවනන්ද යන මහත්වරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහායදීමට තීරණයකරතිබූ අතර එම රැස්වීමටද ප්‍රාදේශීය සභා හිටපු සභාපතිවරුන් සහ මන්ත්‍රීවරුන් රාශියක් සහභාගීවී සිටියහ.