ඉදිරි දේශපාන කටයුතු සිදුකිරීම සඳහා මේ සතිය තුළදී මෙහෙයුම් මධ්ය්ස්ථානයක් ආරම්භ කරන බවත්, පක්ෂ මූලස්ථානයට යෑමෙන් ගැටලුකාරී තත්වයක් නිර්මාණය වන නිසා වෙනත් ස්ථානයක සිට අදාළ කටයුතු සිදුකරන බවත් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්රීිපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය පෙන්වා දෙයි.
එම පාර්ශ්වයට සහාය දක්වන දිස්ත්රිරක් නායකයන් හා ආසනවල නායකයෙන් කොළඹට කැඳවා මේ සතිය තුළදී ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට තිරණය කර තිබෙන බවද මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.
ඉදිරි දේශපාලන කටයුතු ඉතාමත් ඉක්මනින් සිදු කළ යුතුව තිබෙන බවත්, මේ නිසා දිස්ත්රිඉක් හා ආසනවල නායකයන් කැඳවා අදාළ කටයුතු සිදුකිරීමට සැලසුම් කර තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.