හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මින් ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය සඳහා ඉදිරිපත් නොවන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයෙකුවන මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා විසින් ගොනුකර තිබු පෙත්සම සමථයකට පත්වූ අවස්ථාවේදී ඒ බව දැනුම් දුන් මෛත්‍රී පාලසිරිසෙන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපති නිමල් සිරිපාල ද සිල්වා සහ ලේකම්වරයා සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නැති බවද වැඩිදුරටත් දැනුම් දුන්නේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න සහ විනිසුරු ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන් හමුවේ පෙත්සම කැඳවනු ලැබීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයෙකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා විසින් ගොනුකර තිබු පෙත්සමේ වග උත්තරකරු දෙස දෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම්කර තිබිණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු මෛත්‍රිපාල සිරිසේන මහාතා කිරීමෙන් වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී ඔහු එම ධුරයේ කටයුතු කිරීමෙන් අධිකරණයට අපහාසයක් කර ඇති බව සඳහන් කරමින් සරත්චන්ද්‍ර මහතා මෙම පෙත්සම ඉදිරිපත් කොට ඇත.
පෙත්සම කැඳ වූ අවස්ථාවේදී වගඋත්තරකාර මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ,කරුණු දක්වමින් තම සේවාදායකයා මින් ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය සඳහා ඉදිරිපත් නොවන බවත් වත්මන් සභාපති නිමල් සිරිපාල ද සිල්වා සහ ලේකම්වරයා සම්බන්ධයෙන් ඔහුගෙ විරුද්ධත්වයක් නොදක්වන බවත් කීය.
එම තත්ත්වය යටතේ තම සේවා දායකයාට එරෙහිව ගොනුකර ඇති මෙම පෙත්සමක් සමථයකට පත් කිරීමට හැකියාව ඇතැයි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණයට දැනුම් දුන්නේය.