ශ්‍රීලනිප හිටපු විධායක සභිකයෙකු වන මොන්ටේගු සරච්චන්ද්‍ර මහතා විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මොන්ටේගු සරච්චන්ද්‍ර මහතා අල්ලස් කොමිසමට ලිපියක් යොමු කරමින් සඳහන් කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විකුණා ලබාගත් අත්තිකාරමකින් පාස්කු වින්දිතයන්ගේ වන්දිය ගෙවා ඇති බව පාක්ෂිකයන් අතර කතාබහක් ඇති බවයි.
එබැවින් පාස්කු වින්දිතයන්ගේ වන්දිය ගෙවීම සඳහා අදාළ මුදල් උපයා ගත්තේ කුමණ ආකාරයෙන්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.