හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ අදහස් දැක්වීම පිළිබඳව අද (25දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය පහකට අධික කාලයක් ප්‍රකාශ ලබා ගෙන තිබේ.
පසුගිය දිනක මහනුවර ප්‍රදේශයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් යම් ප්‍රකාශයක් සිදුකරනු ලැබූ අතර, එම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජය තුළ විශාල කතා බහක් ඇති විය.
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්අඩංගුවට ගෙන මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙස ඉල්ලා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද කර තිබුණි.
මේ අනුව මහනුවරදි සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව විසින් පෙරේදා දැනුම් දී තිබේ.
අදාළ දැනුම් දීමට අනුවඅපරා‘ධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් අද (25දා) උදේ 10.15 සිට සවස 4.30 දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ ප්‍රකාශ සටහන් කරගෙන ඇත. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබාගෙන ඉදිරි කටයුතු සිදු කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.