මේ සතියේදි ඉන්ධන මිල අඩුවිමක් නොමැති බව විදලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමන් පවසයි.
මේ වන විට ඉන්ධන හල් වල ඉන්ධන නොමැති වි ඇත්තේ ඉන්ධන මිල අඩුවෙතැයි අපේක්ෂාවෙන ඉන්ධන හල් විසින් ඉන්ධන සඳහා ඇණවුම් ඉදිරිපත් නොකිරීම බවද අමාත්‍යවරයා පවසයි.
ජාතික ඉන්ධන බලපත්‍රයට අනුව ඉන්ධන නිකුත් කිරිම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හා ලංකා ඉන්දිය තෙල් සමාගමට ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බවත් ඔහු පවසයි.
තම අවශ්‍යතාව අනුව ඉන්ධන ඇණවුම් ඉදිරිපත් කරන ලෙස ඉන්ධන හල්වලින් ඉදිරිපත් කරන ලෙසට ඉන්නා සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.