2024 වර්ෂයේ ජනවාරි මස සිට දෙසැම්බර් අවසන් වන කාල සීමාව දක්වා වෙළෙඳ ශේෂ හිඟය ඩොලර් බිලියන 6 ඉක්මවා යාමට හැකි බව ද 2024 වර්ෂයේ ජනවාරි සිට ඔක්තෝබර් 30 දක්වා කාල සීමාව තුළ භාණ්ඩ අපනයනයෙන් ඩොලර් බිලියන 10. 68 ක් උපයාගෙන ඇති අතර එය පෙර වසරේ කාල පරිච්ඡේදය හා සසඳන වනවිට 7. 7% පමණ වර්ධනයක් බවද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සංඛ්‍යානය පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි.
එම කාලයේදී භාණ්ඩ ආනයනය සඳහා දරා ඇති වියදම ඩොලර් බිලියන 15. 42 ක් පමණ වේ. එය පෙර වසරට සාපේක්ෂව ආනයන වියදමෙහි 10.7්% වර්ධනයකි. ඒ අනුව 2024 ජනවාරි සහ ඔක්තෝබර් අතර කාලයේ දී භාණ්ඩ අපනයන සහ ආනයන වෙළෙඳාමෙන් සිදු වී ඇති වෙළෙඳ ගිණුමේ හිඟය ඩොලර් බිලියන 4. 74 ක් පමණ වේග මේ වසර අවසන් වන විට මෙය ඩොලර් මිලියන 6 දක්වා ඉක්මවා යා හැකි බව මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පවසයි.
චන්දන සමරවික්‍රම