මේ වසරේ ජනවාරි 01වන දින සිට මේ මස 15වන දින දක්වා කාලය තුළදී මාරක රිය අනතුරු 412කින් පුද්ගල මරණ 431ක් සිදුව තිබෙන බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේය.
මෙම කාලය තුළදී බරපතළ රිය අනතුරු 925ක් වර්තා වී තිබෙන බවත්, රිය අනතුරු සිදුවීමට ප්‍රධාන වශයෙන් අධික වේගයෙන් රිය ධාවනය කිරීම, බීමත්ව රිය ධාවනය කිරීම බලපා තිබෙන බවද පවසා සිටියේය. බස් රථවලට, යතුරපැදි ඇතුළු සියලුම වාහන සඳහා වේග සීමා පවතින බවත්, මේවා ඉක්මවා වාහන ධාවනය නොකරන ලෙසත් ඉල්ලා සිටියි.
වැඩබලන පොලිස්පතිතුමාගේ සෘජු මැදිහත් වීම මත වේගයෙන් ධාවනය කරන රථවාහන හඳුනා ගැනීම සඳහා ඇමරිකාවේ නිෂ්පාදිත වේග මාපක පොලිස් කොට්ඨාවලට ලබා දී තිබෙන බවද පැවසීය.
මෙම වේග මාපකවල කිලෝමීටරයකුත් මීටර් දෙසියයක් දුරක සිට වාහනයක් නිසි අධීක්ෂණයට ලක්කර වේගය හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක කළ හැකි බවද සඳහන් කළේය.