වෙන අවුරුදුවලදී ආණ්ඩුව විපක්ෂය කියලා බලන්නේ නැතුව පක්ෂ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මුදල් දෙනව නමුත් මේ වසරේ තමයි එකම අවුරුද්ද විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මුදල් නොලැබුණු එකම වර්ෂය බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේදී පැවසිය.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ චීන ශ්‍රී ලංකා තානාපතිගේ ප්රධානත්වයෙන්පෙ පොළොන්නරුව ඕනෑගම සිංහරාජ ගම ප්‍රාථමික විද්‍යාලයේ අඩු ආදායම් ලාභී පවුල්වල පාසල් දරු දැරියන් දෙසිය පනස් දෙනෙකු සඳහා පාවහන් ලබා ගැනීමට අවශ්‍ය වව්චර පත් බෙදා දීමේ අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා ඒ බව පැවසීය.
මෛත්‍රිපාල සිරිසේන ලක්දරු දිරිය පදනම මගින් මෙය සංවිධානය කර තිබූ අතර මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය
"මම ඇමතිකම් කරන කාලේ පොළොන්නරුවට රැකියාවල් ගොඩක් දීලා තිබෙනවා.මට බලේ තියෙන කාලේ මට කරන්න පුළුවන් උදව් උපකාර මම ජනතාවට කළා.නමුත් මම දැන් මට පුළුවන් විදිහට උදව් කරනවා මම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් නෙමෙයි දැන් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් රජයෙන් මට සතයක්වත් සල්ලි හම්බෙන්නෙ සංවර්ධන වැඩ වලට දැන් මේ අවුරුද්දේ සල්ලි ගොඩක් පොළොන්නරුවට ඇවිල්ල තියෙනවා.
නමුත් ආණ්ඩු පක්ෂයේ ඉන්න දෙන්න තමයි දැන් ඒවා වියදම් කරන්නේ මටවත් ඒ විපක්ෂය කාටවත් නෑ තුන්දෙනෙක් ඉන්නවා පොළොන්නරුවේ දැන් විපක්ෂයේ තුන්දෙනාටම එහෙම මුදල් හම්බවෙන්නේ නෑ රජයේ උදව් ආධාර පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ලැබෙන්නේ නැහැ.
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මුදල් නොලැබුණු එකම අවුරුද්ද මේ අවුරුද්ද මේ කාලය නමුත් අනෙක් කාලවලදී ආණ්ඩු පක්ෂ විපක්ෂය කියලා බලන්නෙ නැතුව ආණ්ඩුව සල්ලි දුන්නා. නමුත් රජයේ ප්රතිපත්තියක මම ඒ ගැන වැඩිය කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ"