එකගත්වයකින් හා සම්මුතියකින් යුතුව ඉදිරියට ගියහොත් ලෝකයේ සංවර්ධිත රටක් ලෙස ශ්‍රී ලංකාව කඩිනමින් ඔසවා තැබිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.
පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රී ධූරයක් තිබියදී වුවත් කිසිම කොන්දේසියක් නොමැතිව තමන් රට බාරාගත්තේ නිසි සැලැස්මක්, අත්දැකීම් සහ ජාත්‍යන්තර සම්බන්ධතා තිබු නිසා බවත්, ඒ හමුවේ අපායට වැටී තිබු රට ගොඩගත හැකිය යන විශ්වාසය තමන්ට තිබූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
වැටුණු රට යළි ගොඩනැගීම වෙනුවෙන් විධිමත් ලෙස ආර්ථික ස්ථායිකරණ හා ප්‍රතිසාධන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට මුල පිරූ බවත් එහි සමස්ත ප්‍රතිඵලයක් ලෙස 2023 වසරේ මැද භාගයේ සිට ආර්ථික වර්ධනයක ගමන ආරම්භ වී තිබෙන බවත් මෙම වසරේ ආර්ථික වර්ධනය සියයට තුනක් පමණ වනු ඇතැයි අපේක්ෂා කරන බවත්, විවිධ දේශීය සහ විදේශී, මුල්‍ය ආයතන ද ඒ හා සමාන පුරෝකථන ඉදිරිපත්කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
මේ වන විට රටේ උද්ධමනය 1.5% ක අගයකට පහළ වැටී ඇති අතර වසර ගණනක් තිස්සේ හිඟයක් ලෙස පැවති ප්‍රාථමික ගිණුමේ ශේෂය, 2023 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 0.6 ක අතිරික්තයක් ලෙස පරිවර්තනය කිරීමට හැකිවී තිබෙන බවත්, දශක ගණනාවකට පසුව ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තයක් 2023 වසරේ ඇතිව තිබෙන අතර, පොළී අනුපාතය 10%-13% මට්ටමට පහළ වැටී ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
2024 වසරේ පළමු මාස තුන වන විට විනිමය අනුපාතය ඇමෙරිකානු ඩොලරය රු. 300 වඩා අඩු මට්ටමකට ගෙන ඒමට හැකිවී තිබෙන අතර විදේශ විනිමය සංචිත ඩොලර් බිලියන 5 ඉක්මවන අගයකට ඉහළ නැංවී ඇති බව පෙන්වාදුන් ජනාධිපතිවරයා මේ තත්ත්වය ළඟාකර ගැනීමට හැකිවූයේ අභියෝගාත්මක, දුෂ්කර එහෙත් නිවැරදි මගක ගමන් කළ නිසා බව සඳහන් කළේය.
ණය තිරසරභාවය තහවුරු කර ගැනීමෙන් තොරව රටේ ආර්ථිකය දිගු කාලීන පදනමින් ඉදිරියට ගෙන යාමට හැකියාවක් නොමැති බව පෙන්වාදුන් ජනාධිපතිවරයා IMF හි සහයෙන් සිදු කරන ලද රාජ්‍ය පාලන විමර්ශන වාර්තාව (Governance Diagnostic Report) පාදක කර ගෙන දූෂණ විරෝධී වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද මේ වන විට මුලපුරා ඇති බව පැවසීය.
1930ට පසුව ගොවි පවුල් ලක්ෂ 20 කට පමණ තම ඉඩම් අයිතිය ලබා දීමේ උරුමය වැඩපිළිවෙල ඉතා සාර්ථකව ඉදිරියට යමින් ඇති අතර එමඟින් ඉඩම්වල පූර්ණ සින්නක්කර අයිතිය ඔවුන්ට ලැබෙන බවත් මෙම වැඩසටහන පාදක කරගෙන ශ්‍රී ලංකාව පුරා දහස් ගණන් කෘෂි ව්‍යාපාරිකයන් ඉදිරියේ දී බිහි වීම වළක්වන්නට නොහැකි බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඩබ්ලිව්.එල්.අනුර - හබරාදුව