09 වැනි ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23දා) දිවුරුම් දෙනු ලැබිණි.
අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතමින් මෙලෙස අදහස් පළ කළේය.
රටේ ජනාධිපතිවරයා ලෙස මේ කාර්යය මෙහෙය වීමේදී ප්රමුඛතම හා ප්රධානතම වගකීමක් මා සතුව තිබෙන බව මම දන්නවා. ඒ නිසා ක්රියාවෙන්, භාවිතාවෙන් සෑම අවස්ථාවකම මේ රටේ පුරවැසියන්ට මම ඒත්තු ගන්වන්න සූදානම් මේ අභියෝගය පියමන් කිරීම සඳහා මට පැවරී තිබෙන වැඩ කොටස මා නිසි පරිදි ඉටු කරන බව මේ සමාජයට ඒත්තු ගන්වන්න මම සූදානම්.