වත්මන් පාලකයන් ජනතාව රැවට්ටවීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ රටේ පාලකයන් මේ දක්වා සිහින බලමින් සිටින බවයි.
"ඊයේ දවසේ මම අරුම පුදුම කථාවක් ඇහුවා. අපිට වැරදුනාලු, අපිට දැන්ලු තේරෙන්නේ. අර බිත්තිවල තාප්පවල චිත්‍ර ඇඳපු දරුවෝ, දැන් පිටරට යන්න පෝලිමේ ඉන්නවලු. මම අහන්න කැමතියි මේ රටේ පාලකයන්ගෙන් මෙච්චර කල් හීන බල බලද හිටියේ.
දැන්ද සිහිනෙන් නැගිටුනේ කියලා අහන්න කැමතියි. රට පාවාදෙන තීන්දුවක් ගන්න කොට, මේ රටේ උතුර විකුණන කොට, දකුණ විකුණන කොට, බස්නාහිර විකුණන කොට කොහෙද හිටියේ.
රට පාවාදෙන කැබිනට් පත්‍රිකා අනුමත කරන කොට කැබිනෙට්ටුවේ නේද හිටියේ දැන් බොරුවට හදනවා ජනතාව වශි කරවන්න.ජනතාව මෝහනය කරන්න. මේකට තමයි කියන්නේ නාග රාජ රඟපෑම, නාග රාජ ඇන්දවීම.
දැන් පෙන්වන්න හදනවා එක කොටසක් ඉන්නවා ආණ්ඩුවට පක්ෂ, ආණ්ඩුව ඇතුළෙම ආණ්ඩුවට විරුද්ධ අයත් ඉන්නවලු. මම කියනවා ආත්ම ගරුත්වයක් තියෙනවානම් කොන්දක් තියෙනවනම් නිකම් බොරුවට ජනතාව ඉදිරියේ නිරුවත ප්‍රකාශ කරන්නේ නැතිව"