පැවති මැතිවරණ වලට සාපෙක්ෂව 2024 මහ මැතිවරණයේ ලැබෙන පැමිණිලි වල අඩුවක් ඇති බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
පැවති මැතිවරණ වලට සාපෙක්ෂව 2024 මහ මැතිවරණයේදි ලැබෙන පැමිණිලි වල අඩුවක් දක්නට ලැබෙන බවත්, එය හොද ප්‍රවණතාවයක් බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසිය.
මහින්ද දේශප්‍රිය මහතා ඒ බැව් කියා සිටියේ (07) දින හැටන් නගරයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිණි.
මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේ මිට ප්‍රථම පැවති මැතිවරණ වලදි මනුෂ ඝාතන, දේපල අලාභ හානි සිදුවිම් වාර්තා වුවත් මෙවර මහ මැතිවරණයේදි එවැනි ක්‍රියා වාර්තා විම අඩුවිම සතුටට කරුණක් බවයි.
තවද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට පැරණි දේශපාලඥයින් කිහිප දෙනෙකු තරග නොකරන නිසා මෙවර පාර්ලිමේන්තුවට අලුත් මුහුණු ගණනාවක් එක්වන බවයි.