මෙවර ජනපතිවරණයේදී ඡන්ද දායකයාට ඡන්දය ප්‍රකාශ කිරීමට අදාළව ලැබෙන ඡන්ද පත්‍රිකාව අඩි දෙකක් එසේත් නොමැතිනම් අඟල් 26ක් දිග වන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවැත්වෙන විශේෂ හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
ඒ අනුව උප පත්‍රිකාව අඟල් 2ක් හා තවත් අඟල් 24ක් දින ඡන්ද පත්‍රිකාවක් මෙවර නිකුත් කිරිමට නියමිතය.
මෙවර ජනපතිවරණය වෙනුවෙන් තරග කිරීමට වාර්තා ගත අපේක්ෂකයන් සංඛ්‍යාවක් වන 35 දෙනෙක් ඉදිරිපත්ව තිබීම මෙසේ ඡන්ද පත්‍රිකාව අඩි දෙකක් දක්වා දීර්ඝ වීමට හේතුවයි.
එසේම අපේක්ෂකයන් සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන් ජනපතිවරණය සඳහා යන වියදම ඉහළ යන බවද සභාපතිවරයා ඊයේ (07දා) දිනයේදී ප්‍රකාශ කළේය.
