ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන නිසි ලෙස ක්‍රියාත්මක වන බව පෙන්නුම් කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වීමට ආරම්භවීම සතුටට කරුණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම අතර හමුවක් අද (07) මුදල් අමාත්‍යංශයේදී පැවැති අතර එහිදී ඔහු මේ බව ප්‍රකාශ කළේය
එසේම මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා බලධාරීන්ගේ කැපවීම සම්බන්ධයෙන් ද ඒ සිය ස්තූතිය පළ කරන බවද ඔහු සඳහන් කළේය.