මේ දිනවල මුහුද රළු වීම නිසා හලාවත මුතුපන්තිය දූපතේ වෙරළ තීරය දැඩි ලෙස ඛාදනය වන්නට පටන් ගෙන ඇත.
05 වැනිදා සවස සිට මෙම තත්ත්වය තිබූ බව ප්රදේශවාසීහු පිරිදක් සදහන් කළහ.
වෙරළ ඛාදනය අවම කිරීම සඳහා යොදා ඇති දැවැන්ත වැලි බාධකයක් බිඳ ගෙන උදම්රළ ගොඩ බිමට ඇතුළු වී ඇත.මෙම තත්ත්වය නිසා වෙරළ තීරයේ මීටර් ගණනාවක් හානියට පත්ව ඇත. වෙරළට සමාන්තරව මුතුපන්තිය දූපතේ තිබෙන මාර්ගයක්ද මුහුදු රළ ගොඩට ගැලීම නිසා හානි වන්නට පටන් ගෙන ඇත.
දැඩි ලෙස මුහුදු ඛාදනයට ලක්වූ මුතුපන්තිය දූපතේ උතුරු කොටසේ වෙරළ තීරය දැවැන්ත ගල් වැටි යෙදීම නිසා ආරක්ෂාකාරී තත්ත්වයකට මේ වන විට පත්ව ඇත. (IJ)