මුතුරාජවෙල තෙත් බිම්වලට අයත් මීගමුව, වත්තල සහ ජා ඇළ ප්‍රදේශවලට අයත් ඉඩම් අක්කර 3,000කට අධික ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලමින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
සිය පෙත්සමෙන් කාදිනල්තුමන් පවසන්නේ මුතුරාජවෙල තෙත්බිම් ප්‍රදේශවලට අයත් වන අත්කර 3,000කට අධික බිම් ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීම හරහා ප්‍රදේශයේ පදිංචි ජනතාවගේ ජීවනෝපායට දැඩි බලපෑම් එල්ල වන බවත් ඔවුන්ගේ පදිංචිය ද දැඩි අභියෝගයට ලක්වන බවයි.
නාගරික සංවර්ධන අමාත්‍ය මෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, නාගරික සංවර්ධන අධිකාරිය, එහි සභාපතිවරයා, මධ්‍යම පරිසර අධිකාරිය, වත්තල, මීගමුව සහ ජා ඇළ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර තිබේ.