ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන විස්තීරණ ණය පහසුකමට අදාළ ඊළඟ වාරිකය වෙනුවෙන් මුදල් ලබාදීමට අදාල සමාලෝන කටයුතු වෙනුවෙන් තවත් සති දෙකකින් එම අරමුදලේ නියෝජිතයින් ලංකාවට පැමිණීමට නියමිත බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය.
"ඊළග වාරිකය වෙනුවෙන් මුදල් ලබාදීමට තවත් සති දෙකකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මෙරටට පැමිණෙනවා. එවිට මේ ගිවිසුම වෙනස් කරන බව අප පැවසුවොත් ඔවුන් අපට මුදල් ලබාදීම නවත්වනවා. එවිට රටේ ආර්ථිකය නැවත කඩා වැටෙනවා."