2332 වැනි පොසොන් උත්සවය සඳහා මෙවර මිහින්තලා පුදබිමට ලබා දී ඇති ආරක්ෂාව පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්වීමට නොහැකි බව මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
පූජා භූමියට පැමිණෙන බැතිමතුන්ට යම් සිරීමක්වත් හෝ සිදු වුවහොත් එහි වගකීම සම්පූර්ණයෙන් ම රජය භාරගත යුතු බවත්, එසේ වගකීම බාර නොගත්තත් අනාගතයේදී ඒ සඳහා පිළිතුරු දිය යුතු බවත් එහිමියෝ අවධාරණය කරති.රටේ ජනතාවට විපත් සිදුවූවත්, පාලකයන්ට වගේ වගක් නැති බවත්, දේශපාලකයන් දළදා මාළිගාව, රුවන්වැලි සෑය හා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසට ගොස් ඒ පවිත්‍ර භූමි අපවිත්‍ර කරන බවත් එහිමියෝ පැවසූහ
අක්කර විශාල ප්‍රමාණයක් තිබෙන මිහින්තලා පුණ්‍ය භූමිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හෝ සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන්වත් පිරිසුදු නොකරන බවත්, ඒ සඳහා පහළ නිලධාරීන් වගකිව යුතු නැති බවත්, ඉහළ මට්ටමේ සිටින පාලකයන් ඊට වගකිව යුතු බවත් උන් වහන්සේ අවධාරණය කරති.
මෙවර පොසොන් උත්සවයද පිණ්ඩපාතේ වැඩම කර, විවිධ ආයතන හා දානපතියන් සම්බන්ධ කර සංවිධානය කරන බවත්, එහි වියදම් පියවා ගැනීමට මිහින්තලේ නාහිමියන් පාවිච්චි කරන ලද කාර් රථයද විකුණමින් මුදල් සොයාගෙන සාර්ථක අයුරින් සිදුකරන බවත්, ඉදිවෙන මිහිඳු චෛත්‍ය රාජයන් වහන්සේගේ ධාතු තැන්පත් කරන බවත් වැඩිදුරටත් පැවසූහ.
්තිරප්පනේ -සමන් කේ. ගමගේ