මිහින්තලා විහාරාධිපති හිමියන් අතර හා ශ්‍රී ලංකා යුද හමුදාව මෙන්ම අනෙකුත් හමුදාවන් අතර ඇති විශ්වාසය පළුඳු වී ඇති බැවින් යුද හමුදා භට පිරිස්වල ආරක්ෂාව වෙනුවෙන් මිහින්තලා පුද බිමේ විවිධ සංවර්ධන කටයුතු වෙනුවෙන් යොදව සිටි 200කට ආසන්න ත්‍රිවිධ හමුදා භට පිරිස් අද දිනයේ සිට එම පුදබිමෙන් තාවකාලිකව ඉවත් කර ගන්නා බව යුද හමුදා මාධ්‍ය ප්‍රකශක පවසයි.
"මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති හිමියන් විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ හතරවැනි ආරක්ෂක සේනා බලමුළුවට අයත් සෙබලුන් දෙදෙනෙකුගේ ආවේක්ෂණ රාජකාරී ස්වාභාවය හා ස්ථානගතවීම සැකකටයුතු බව සඳහන් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා.
ඒ සඳහා පැහැදිලි කිරිමක් ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව, ඔවුන් යොදවා සිටියේ පුදබිමේ නිරන්තරයෙන් සැරිසරන විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාවට හා පුදබිමේ නොයෙකුත් ඉදිකිරීම් කටයුතු කරන ත්‍රිවිධ හමුදාවේ භට පිරිස්වල ආරක්ෂාවයට බව පැහැදිලි කළා.
නමුත් මේ වන විට ශ්‍රී ලංකා යුද හමුදාව හා අනෙකුත් හමුදා අතර හා මිහින්තලා විහාරාධිපති හිමියන් අතර ඇති විශ්වාසය යම් කිසි ආකාරයකට පළුදු වී ඇති බැවින් හා සහ සම්බන්ධයද පළුුදු වී ඇති බැවින් ශ්‍රි ලංකා යුද හමුදාවේ හා අනෙකුත් හමුදාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අද දිනයේ සිට ඔවුන් එම රාජකාරිවලින් මුදවා ලිමට නියමිතයි.
ත්‍රිවිධ හමුදාවේ 200කට අධික භට පිරිසක් අවුරුදු ගණනාවක් තිස්සේ මිහින්තලා පුදබිමේ විවිධ සංවර්ධන කටයුතු වෙනුවෙන් යොදවා සිටි බව සඳහන් කිරිමට කැමැතියි. මෙම භට පිරිස් තාවකාලිකව ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉවත් කර ගන්නා බව සඳහන් කරනවා"