මිලියන 5ක ජනතාවක් වෙසෙන මධ්‍යම අප්‍රිකානු ජනරජයට (CAR) ස්වසන ආධාරක (වෙන්ටිලේටර්ස්) උපකරණ ඇත්තේ තුනක් බව නෝර්වීජියානු සරණාගත කවුන්සිලය අඟහරුවාදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
"වෛරසයෙන් ප්‍රමාණවත් ලෙස ආරක්ෂා වීමට අවශ්‍ය සහයෝගය රටට නොලැබුනේ නම්, මධ්‍යම අප්‍රිකානු ජනරජය හරහා අකුණු වේගයෙන් වෛරසය පැතිර යෑමට අවස්ථාවක් තිබෙනවා” යැයි CAR හි නෝර්වීජියානු සරණාගත කවුන්සිලයේ රටේ අධ්යක්ෂ ඩේවිඩ් මනන් ප්‍රකාශ කළේය.
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ මේ දක්වා වෛරස් රෝගීන් 6 ක් හඳුනාගෙන ඇති අතර, එම සියල්ලම පිටරටින් පැමිණි පුද්ගයන් වෙයි. කෙසේ වෙතත් කොවිඩ් පරීක්ෂණ සිදුකිරිමට රට තුළ පහසුකම් නොමැති හෙයින් වෛරසය හඳුනා නොගෙන පැතිරී ඇති බවට සැකයක් පවතී.
“ධනවත් රටවල් ශ්වසන ආධාරක ප්‍රමාණවත් නොවන බවට සඳහන් කරමින් භීතියට පත්වන විටමධ්යම අප්‍රිකානු ජනරජය වැනි දුප්පත් ජාතීන් කොවිඩ් -19 ට එරෙහි සටනේදී අවස්ථාවක් නොලැබෙන්නේ කෙසේද යන්න අනාවරණය කරයි” යනුවෙන් මනන් තවදුරටත් පැවසීය.